- Homemain page
- Aboutthe author
- Contact ussay hello
- Subscribe to RSSkeep updated!
Showing posts with label සොබා. Show all posts
Showing posts with label සොබා. Show all posts
Saturday, February 2, 2013
Thursday, November 8, 2012
මේ විසල් විල් තෙරේ
මේ විසල් විල් තෙරේ
සැරි සරා දසතේ
සොයා ආ නුඹ
නොමැති වග දැන
කදුළු නෙත් අග
රූරා වැටෙත්දී
කැඩපතින් මගේ මුව දෙසබලා
සෝ සුසුම් හෙලනු මිස
අන් කුමන අයිතියද මා හට.......
(මෙයා මේ විදිහට එයාගේ රූපෙම ජලයෙන් දකිත්දී සිතන්නැති...)
ජායාරූපය-කොළඹ දිස්ත්‍රික්කයේ ඇති අතලොස්සක් වැව් අතරින් ප්‍රමුක තැනක් හිමිවන තලංගම වැව
Friday, September 23, 2011
රටාවකට යන අපේ මේ ආදරය...
නේක රටා වියුනු මැද
නුඹත් මමත්
පටලවා අත්
බලා උන්නා
රටාවකට යන
අපේ මේ ආදරය...
ජයාරූපය - විහාරමහා දේවීයේ සැන්දෑවකදී
Saturday, June 4, 2011
Thursday, May 5, 2011
අදුර මැද තනිව මා....
නුඹ සමග එක්ව සිට
එළිය දී අහස්කුස සැනසුවා
දුටු දනන් සිත් මඩළ
ඒත් අද නුඹ ගිහින් නොකියාම
පාලුයි මගේ ලෝකයම...
Wednesday, February 23, 2011
දන්නවානම් කොයිතරමට ආදරේද කියා...
එකම එක බඹරකුගේ ආදරය...
රැකගන්න වෙරදරන හැටි හැමදාම
දන්නවානම් කොයිතරමට ආදරේද කියා
නැහැ වෙන්වන්නේ
බඹරාගෙන් මලත් කිසිදාක...
Monday, January 10, 2011
කවුරුවතම විශ්වාස නොකරන තරම් ඔයා ලගින්ම...
මන් දන්නවා මට දැන් අයිතියක් නැහැ ඔයා ලගින්ම ඉන්න...
ඒත් මම තවත් දෙයක් හොදටම දන්නවා
ඒ මට ඔයා නැතුවම බැරිවග
කමක් නැහැ
ඔයා මට ආදරේ කලත් නැතත්
මම හැමදාම ඔයා ලගින්ම ඉන්නබව මතකතියා ගන්න...
මම හැමදාම ඔයා ලගින්ම ඉන්නබව මතකතියා ගන්න...
හැමදාම...
කවුරුවතම විශ්වාස නොකරන තරම්
ඔයා ලගින්ම....
ජීවිතේ දුක් බරම කටුක කල නිමාවිය...
කටුක කල නිමාවිය
වසන්තය උදාවිය
සනසවා සිත් මඩල
ඉරිතැලූ සිත් ඉමට
නැවුම් සුවදක්ව
නුඹ පිපී සැරසුවා
මගේ මුලු ලෝකයම...
Tuesday, November 30, 2010
මේ ජිවිතේ සුන්දරම යාමයයි...
මල් සුවද ලග බඹර බඹරිදු සරන කාලයයි
පාටගෙන සරසවන සොදුරුවූ නිමේෂය
නිම වන්න පෙර කියමි මම
හූගාක් ආදරේ වග
ලෝකයක් තරමට...
Thursday, November 11, 2010
Sunday, September 19, 2010
පිපී විකසිත උනා සේ...
නුඹ සමග එකම තැන
පිපෙන්නට පෑතූ පාරමී
ඉටු උනා
සතුට උතුරා...
පිපී විකසිත උනා සේ
හෙටත් පරවයන්නට
ඔබ සමගම
පමනයි මා පතන
එකම පැතුම...
Wednesday, August 4, 2010
Sunday, July 4, 2010
නුඹත් බැස යන්න තව මොහොතයි...
මේ නිශා යාමයේ
නුඹත් මාත්
එදා මුලින්ම හමුවූ
මේ වෙරළ තිර්යේදීම
අද ආයෙත් හමුවෙලා
වෙන්ව යන්නට
අපි අපෙන්...
අදුර දී හිරු අහසින්
බැසගියා වාගේම
නුඹත්
බැස යන්න තව මොහොතයි
මගේ ජීවිත අහසින්...
...
ජායාරූපය - දෙවුන්දර වෙරළේදී
Wednesday, May 12, 2010
එකපෙලට රටාවක් වී...
රටාවට විහිදි
නෙත් සිත් සැනසූ
නුඹ වගේමයි
මගේ ජීවිතේටත්
රටාවක් වී
හැඩකල ඈ...
ජයාරූපය - විහාරමහාදේවී උයනේදී



















