Showing posts with label පුද්ගල. Show all posts
Showing posts with label පුද්ගල. Show all posts

Tuesday, October 25, 2011

බයට නෙමෙයි....


බයට නෙමෙයි හරිද ඔලුව පහත් කරන් යන්නේ 
ගරු කරන්න.
හැබැයි හිටපංකො 
මමත් ඔය තරම් උස් වෙලා,කොන්ඩේ වවාගෙන,පච්චයක් ගහගෙන
 අයියා කෙනෙක් වෙනකන්....

ජායාරූපය- ගල්කිස්සේ දවසක

Friday, September 2, 2011

දිවි තිබෙන තුරු ..

දිවි තිබෙන තුරු
 ඔබ ලගින්ම
පා නගමි
හිමියනේ....

ජයාරූපය-ගල්කිස්ස වෙරළ තෙරේ

Tuesday, June 14, 2011

මොනදේ උනත් මේ ජිවිතේ ගැටගහගන්න ඕනේ...


මේ ජිවිතේ මෙහම වෙයි කියලා අම්මගේ තනේ එල්ලිලා කිරි බොත්දි හිතුනෙ නැහැ.ඒත් මේ ජීවිතේ අපිව තීරනාත්මක තැන්වලට ගේනවා.මොනදේ උනත් මේ ජිවිතේ ගැටගහගන්න ඕනේ.බිරිදයි දරුවොයි දාලා පැනලා යන්න බැහැ.උන් මගේම ලේ.මට උනදේ උන්ට වෙන්න නරකයි...

ජයාරූපය-ගල්කිස්ස වෙරළ තෙරේ වෙළදාම් කරපු වෙළන්දක් මුහුද දිහා බලන් තමන්ගේ ජීවිතේ ගැන භාවනාවක්.

Friday, May 6, 2011

පතන්නේ මා සසර පුරාවට නුඹ සමග පමණක්ම සරන්නට...

ආදරේ නාමයෙන්
 නුබේ අතේ එල්ලී
සැරි සැරූ වෙරළතෙර
පෑ සිනා
තවමත් මතකයි මට
පතන්නේ මා
 සසර පුරාවට
නුඹ සමග
පමණක්ම සරන්නට...


ජායාරූපය - ගල්කිස්ස වෙරළ තීරයේදී
නිරූපනය - නන්නාදුරන ආදරවන්තයින් යුවලක්
[දන්නවනම් ගෙවල්වලට එහෙම කියන්න එපා හොදේ]

Friday, January 28, 2011

පුතේ නුඹටත් මටත් මේ පොළොව අයිති මෙන්...

පුතේ නුඹටත් මටත් මේ පොළොව අයිති මෙන්
අයිතියි උන්ටත් මේ පොළොව
සැරිසරනට මේ අහස
ජීවත්වන්නට මේ පොළොවමත
අපිට මෙන් බඩගින්න අයිතියි උන්ටත්
පණනලක් රැකගන්න නුඹ දුන්න කෑම බිද
රහ වැටි මුලු රැලට
ඇවිත් දැන් නුඹ ලගට
බඩගින්නේ රග දන්න...

Thursday, November 25, 2010

නුඹ මගේ ප්‍රාණයයි මගෙ දෝණියේ...

ජිවිතේ මල් සමය පරිස්සමින් යන්න පුංචි දෝණියේ
නුඹේ ඔය සිනා කෙලි කවටකම් හෙටත් අයිතියි දෝණියේ
යනෙන මට කටු ඉඹුල් මර උගුල් ඇති මගේ දෝණියේ
ඒවාට අසුනොවී යන්න මගෙ දෝණියේ
මොකද...
නුඹ මගේ ප්‍රාණයයි මගෙ දෝණියේ...

Thursday, November 11, 2010

අපේ සංස්කෘතියෙන්...

අපේ රට සංස්කෘතියෙන් බොහොම අග තැම්පත් රටක්.මේ ගරා යක් සන්නිය හෙවත් ගරායක් නැටුම මගේ කැමරා කාචයට අසුවූයේ ගමට සෙත්පතා කරන ලද ශාන්තිකර්මයකදී..

Sunday, September 5, 2010

කවදත් වෙනස් නොවන අපේ දේ...

මේ අපේ සංස්කෘතියයි.ගරා යක් සන්නිය හෙවත් ගරායක් නැටුම කොළඹට නුදුරු අපේ ගම් ප්‍රදේශයේ වුවත් දක්නට ලැබීම බොහොම හොද දෙයක්.එවන් අවස්තාවක් මගේ කැමරා කාචයට හමුවූ අවස්තාවක් මේ.

Sunday, July 4, 2010

නුඹත් බැස යන්න තව මොහොතයි...

හිරු අවරින් සැගවයන
මේ නිශා යාමයේ
නුඹත් මාත්
එදා මුලින්ම හමුවූ
මේ වෙරළ තිර්යේදීම
අද ආයෙත් හමුවෙලා
වෙන්ව යන්නට
අපි අපෙන්...
අදුර දී හිරු අහසින්
බැසගියා වාගේම
නුඹත්
බැස යන්න තව මොහොතයි
මගේ ජීවිත අහසින්...
...
ජායාරූපය - දෙවුන්දර වෙරළේදී

Tuesday, May 11, 2010

නුඹ පිපුනු තැන වැඩියෙන්ම ලස්සනයි...

මල් පිපෙන විල්තෙරේ
නේක මල් පිපුනාට
නුඹ පිපුනු තැන
වැඩියෙන්ම ලස්සනයි
ඇත්තමයි
මගේ හිත නතර උන...

Wednesday, April 28, 2010

ඈත දුර ඉසව්වේ...

ඈත දුර ඉසව්වේ
පෙනෙන නොපෙනෙන මානයේ
නෙත් කෙවෙනි යට
සතුට රන්දන
හෙට දවස
බලාපන් අර
ඈත පෙනෙනා ඉසව්වේ...

Monday, March 22, 2010

මේ සසර ගමන් සරන තුරා...

මේ අපේ කතරගම ගමනේ තවත් එක් මතකයක්.කතරගම ගිහින් එන මාර්ගයේ එක් තැනක විහාරයක් මගින් පවත්වන බෙලි මල් දන්සලක් ලග අපි නතර උනා.ඒ ප්‍රදේශයේ ගම් වැසියො එකතුවෙලා මෙහෙම සැදැහැවතුන්ට දන්සලක් සංවිධානය කරලා ලොකු සමාජමෙහෙවරක් කරනවා.මුලු කතරගම් වාරය පුරාම දිනපතා මෙම ස්තානයේ බෙලිමල් මුට්ටි උනු වෙනවා.ඒ මිනිස්සු ස්වෙච්චාවෙන වගේම හුගක් සතුටින් මේ කටයුත්ත කරන්නේ.මේ එතන හිටපු තාත්තා කෙනෙක් හැමෝමත් එක්ක හුගක් ආදරෙන් කතාකරපු.ඉතින් ඒ මතකය මගේ කැමරාවේ සටහන් උනේ මෙහෙමයි.

Sunday, February 28, 2010

පැමින ඇත සැදෑ හිරුකිරණ ජිවන ගමනට...

ජීවිතේ සැදෑ සමය ගෙවන මේ තාත්තා මගේ කැමරා ඇසට අසුවුනේ අහම්බෙන් ජනේලයක් ලගට ගියාම.තමන්ගෙ පුතාගෙ ගෙදර ඉන්න මේ වයස්ගත පියා තමන්ගෙ වයස් ගතවීම ගැන පසුතැවිලි වෙන්නේ නැහැ.නිතරම වත්තේ වැඩකටයුතු කරමින් කාලේ ගතකරන්නේ සතුටින්.එක අතකට අත පය හතර පන තියන හැබැයි කොන්දක් නැති අද කාලේ සමහර තරුණයෝ එක්ක ගත්තම මේ පියා කොයිතරම්නම් ඉදිරියෙන්ද.

''දිවි ගමනේ සතුට දුක තුරුල්කරන්
මෙතෙක් කල්
නේක දුර ගෙවා දමා
පැමින ඇත සැදෑ හිරුකිරණ ජිවන ගමනට
නමුදු මම අද වුවද
පෙර සේම
දනිමි වියයුතු යුතුකම්
හුස්ම පොද යන තුරුම.......''

Thursday, February 25, 2010

එකම රාමුවක...

මේ උඩවලව ජාතික වනෞදානයේ සීමාව අවසානයේ මාර්ගය අයිනටම ඇවිත් ඉන්න සද්දන්තයෙක් ඊට මෙහායින් ඉන්නේ අපිත් එක්ක කතරගම ගමනට සහභාගිවෙච්ච පුංචි මල් කැකුලක්.කෙල්ල එදාමයි මට හමුවුනේ මට එක දවසට හුගක් සමීප වුනා.කෙල්ල හරියට ෆොටෝජෙනික්.මට අහම්බෙන් එකම රාමුවකට ජායාරූප ගතකරගන්න පුලුවන් වුනා

Monday, February 22, 2010

අහිංසකයෙකුට ජීවිතේ ආයෙමත්...

නියගයෙන් ඉරි තැලුනු
වැහි පොදත් තරහා වුනු
වෙනදාට මල් පිපිණු
මින් කැලත් මියැදුනු
මේ විසල් වැව් තෙරේ
අසරණව පණ අදින
අවසාන හුස්ම පොද හෙලන
අහිංසකයෙකුට
ජීවිතේ දුන්නා නුඹ ආයෙමත්...

ජායාරූපය - වෙනදාට උතුරායන අද පතුලටම දිය හිදුනු යෝධ වැව මැද
ජීවිතේ හොයන පුංචි මාලු පැටියෙකුට ජීවය දුන්
මගේ මිත්‍රයෙක් මගේ කැමරා කාචයට හසුවූ මොහොතක්.

Thursday, February 11, 2010

වෙර වීරිය අරන් ඉහලටම...

ආමාරුයි තමයි
නගින්නට ඉහලටම
ජීවිතේත් ඒ වගේමයි
එත්...
කොහොම හරි
වෙර වීරිය අරන්
පලයන් ඉහලටම
එතකොටයි උඹ දිනුම්

ජායාරූපය-සංඛපාල රජ මහා විහාරය

Tuesday, February 2, 2010

මගේ පුංචිගේ පුන්චි කෙල්ල...

මගේ ලග දැවටෙමින්
බොලද බස් දොඩවමින්
කෙලි කවට සිනා මල්
හදවතට ආදරෙන්
දුන් නුඹට මං
හුගාක් ආදරෙයි....

ජායාරූපය - මගේ පුංචිගේ පුන්චි කෙල්ල

Monday, December 7, 2009

නුඹ උපන් නුඹේ තැන් සොයා...

මේ ගමන් උතුරටයි දුවේ
නුඹ උපන් නුඹේ තැන් සොයා
නුඹට උන් නැතිකල නුඹේ බිම සොයා
ආයෙමත් නුඹටම අයිති උන නුඹේ බිම සොයා
බලාපන් ඉදිරිපස ආයෙමත් තල් මල් පිපෙන...

[යුද්ධයෙන් පස්සෙ තිරිකුණාමලයට යන දුම් රියේ තම උපන් බිම් සොයා යමින් හිටපු දෙමල දැරියක් ඇයයි මමයි හමුවූ මොහොතක්.......]

Tuesday, December 1, 2009

අද වගේ හිනහියන් හෙටත්...

අද වගේ
හිනහියන් හෙටත්
නුඹ පතන
ලෝකයක
තුටු සිතින්...
ජායාරූපය - සංඛපාල රජමහා විහාරය
නිරූපනය - අහිංසක පුන්චි කෙල්ලෙක් මාර ෆොටෝජෙනික්

Tuesday, November 24, 2009

පැමිනියද සැදෑ හිරු කිරණ දිවියට...

ජීවිතේ සැදෑ සමය ගෙවන මේ තාත්තා මගේ කැමරා ඇසට අසුවුනේ අහම්බෙන් ජනේලයක් ලගට ගියාම.තමන්ගෙ පුතාගෙ ගෙදර ඉන්න මේ වයස්ගත පියා තමන්ගෙ වයස් ගතවීම ගැන පසුතැවිලි වෙන්නේ නැහැ.නිතරම වත්තේ වැඩකටයුතු කරමින් කාලේ ගතකරන්නේ සතුටින්.එක අතකට අත පය හතර පන තියන හැබැයි කොන්දක් නැති අද කාලේ සමහර තරුණයෝ එක්ක ගත්තම මේ පියා කොයිතරම්නම් ඉදිරියෙන්ද.
''දිවි ගමනේ සතුට දුක තුරුල්කරන්
මෙතෙක් කල්
නේක දුර ගෙවා දමා
පැමින ඇත සැදෑ හිරුකිරණ ජිවන ගමනට
නමුදු මම අද වුවද
පෙර සේම
දනිමි වියයුතු යුතුකම්
හුස්ම පොද යන තුරුම.......''