Saturday, February 2, 2013

සුළගේ පාවී....


Thursday, November 8, 2012

මේ විසල් විල් තෙරේ



මේ විසල් විල් තෙරේ
සැරි සරා දසතේ
සොයා ආ නුඹ 
නොමැති වග දැන
කදුළු නෙත් අග
රූරා වැටෙත්දී
කැඩපතින් මගේ මුව දෙසබලා 
සෝ සුසුම් හෙලනු මිස 
අන් කුමන අයිතියද මා හට.......

(මෙයා මේ විදිහට එයාගේ රූපෙම ජලයෙන් දකිත්දී සිතන්නැති...) 

ජායාරූපය-කොළඹ දිස්ත්‍රික්කයේ ඇති අතලොස්සක් වැව් අතරින් ප්‍රමුක තැනක් හිමිවන තලංගම වැව 

අහිංසකයෙකුට ජීවිතේ ආයෙමත්....




නියගයෙන් ඉරි තැලුනු
වැහි පොදත් තරහා වුනු
වෙනදාට මල් පිපිණු
මින් කැලත් මියැදුනු
මේ විසල් වැව් තෙරේ
අසරණව පණ අදින
අවසාන හුස්ම පොද හෙලන
අහිංසකයෙකුට
ජීවිතේ දුන්නා නුඹ ආයෙමත්...

ජායාරූපය - වෙනදාට උතුරායන අද පතුලටම දිය හිදුනු යෝධ වැව මැද
ජීවිතේ හොයන පුංචි මාලු පැටියෙකුට ජීවය දුන්
මගේ මිත්‍රයෙක්

Tuesday, October 25, 2011

බයට නෙමෙයි....


බයට නෙමෙයි හරිද ඔලුව පහත් කරන් යන්නේ 
ගරු කරන්න.
හැබැයි හිටපංකො 
මමත් ඔය තරම් උස් වෙලා,කොන්ඩේ වවාගෙන,පච්චයක් ගහගෙන
 අයියා කෙනෙක් වෙනකන්....

ජායාරූපය- ගල්කිස්සේ දවසක

Friday, September 23, 2011

රටාවකට යන අපේ මේ ආදරය...

නේක රටා වියුනු මැද
නුඹත් මමත්
පටලවා අත්
බලා උන්නා
රටාවකට යන
අපේ මේ ආදරය...

ජයාරූපය - විහාරමහා දේවීයේ සැන්දෑවකදී

Friday, September 2, 2011

දිවි තිබෙන තුරු ..

දිවි තිබෙන තුරු
 ඔබ ලගින්ම
පා නගමි
හිමියනේ....

ජයාරූපය-ගල්කිස්ස වෙරළ තෙරේ

Tuesday, June 14, 2011

මොනදේ උනත් මේ ජිවිතේ ගැටගහගන්න ඕනේ...


මේ ජිවිතේ මෙහම වෙයි කියලා අම්මගේ තනේ එල්ලිලා කිරි බොත්දි හිතුනෙ නැහැ.ඒත් මේ ජීවිතේ අපිව තීරනාත්මක තැන්වලට ගේනවා.මොනදේ උනත් මේ ජිවිතේ ගැටගහගන්න ඕනේ.බිරිදයි දරුවොයි දාලා පැනලා යන්න බැහැ.උන් මගේම ලේ.මට උනදේ උන්ට වෙන්න නරකයි...

ජයාරූපය-ගල්කිස්ස වෙරළ තෙරේ වෙළදාම් කරපු වෙළන්දක් මුහුද දිහා බලන් තමන්ගේ ජීවිතේ ගැන භාවනාවක්.

Saturday, June 4, 2011

විසල් රුක් සෙවන නුඹ...

විසල් රුක් සෙවන නුඹ
අතුපතර විහිදා..
සතුට ගෙන ලෝකයට
සෙවන දී මගෙ ලොවට
ඉනු මැනවි සැමදාම
මගේ ලග පමණක්ම...

Thursday, May 19, 2011

දයාබර අහිංසකයා යන්න ගිය වගයි !

දයාබර අහිංසකයා යන්න ගිය වගයි !

දායාබර මිතුර දිළුම් නොහොත් අහිංසක ඉලන්දාරියා නික්ම ගිය පුවත් ඇසූ සැනින් හදවත එක තැනම නතර  උනා....

ජීවිතේ මහ පුදුමාකරයි.අහිංසකයාගේ හිනාව මතක් වෙනකොට පපුව පිචිචිලා යනවා......

 දයාබර ඉලන්දාරියා ඔබට නිවන්සුව !

Friday, May 6, 2011

පතන්නේ මා සසර පුරාවට නුඹ සමග පමණක්ම සරන්නට...

ආදරේ නාමයෙන්
 නුබේ අතේ එල්ලී
සැරි සැරූ වෙරළතෙර
පෑ සිනා
තවමත් මතකයි මට
පතන්නේ මා
 සසර පුරාවට
නුඹ සමග
පමණක්ම සරන්නට...


ජායාරූපය - ගල්කිස්ස වෙරළ තීරයේදී
නිරූපනය - නන්නාදුරන ආදරවන්තයින් යුවලක්
[දන්නවනම් ගෙවල්වලට එහෙම කියන්න එපා හොදේ]