Showing posts with label ආගමික. Show all posts
Showing posts with label ආගමික. Show all posts

Wednesday, February 23, 2011

නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ..''


''දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ..''

ජායාරූපය - කන්දෙ විහාරය

Sunday, September 5, 2010

කවදත් වෙනස් නොවන අපේ දේ...

මේ අපේ සංස්කෘතියයි.ගරා යක් සන්නිය හෙවත් ගරායක් නැටුම කොළඹට නුදුරු අපේ ගම් ප්‍රදේශයේ වුවත් දක්නට ලැබීම බොහොම හොද දෙයක්.එවන් අවස්තාවක් මගේ කැමරා කාචයට හමුවූ අවස්තාවක් මේ.

Thursday, July 29, 2010

නුඹ සිටියා මා අසලින්ම...

දිවිගමන එලිය දී
සනසවා සිත් මඩළ
එකලු කර මගේ ලොවම
සිටියේ නුඹයි...
අදුර දුරුකර
මා අසලින්ම...

Sunday, March 21, 2010

සදකඩ පහනක කැටයම් ඔපලා.....

සදකඩ පහනක කැටයම් ඔපලා.....

ජායාරූපය-කන්දේ විහාරය

Monday, March 8, 2010

නිවුනා හදමඩල...

දුටුව කල
ඔබේ රුව
නිවුනා
සැලෙන හදමඩල
බුදු පියාණනී...

ජයාරූපය - කන්දේ විහාරය

Sunday, February 21, 2010

ලක් දෙරණ පින් ලබපු දේශයයි...

ලක් දෙරණ පින් ලබපු දේශයයි
නිමල බුදු දහම ලද දීපයයි
අප නමට ජාතියේ උරුමයයි
රැකගනිමු මේ අපේ පින් බිමයි....

ජායාරූපය - කතරගම කිරි වෙහෙර

Sunday, January 31, 2010

බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති...

''බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ''

ජායාරූපය - කන්දේ විහාරයේදි.....

Tuesday, January 12, 2010

හිතට අමුත්තක් දැනුනු වෙලාවට...

හිතට අමුත්තක් දැනුනු බොහෝ වෙලාවට මම යන්නේ අපේ ගමේ පන්සලට.මට කෑ ගහලා අඩන්න ඕනේ උනොත් මම යන්නේ පංසලට.මගේ හිතේ තිබුනු ප්‍රශ්න,හිතේ තිබ්බ දුක, මගේ ඇසින් වැටුනු කදුලු බින්දු කොයිතරම්ද කියලා කියන්න පුලුවන්නම් මේ ශාන්ත පරිසරය ඒ ගැන කෑගහලා කියයි.....

Wednesday, December 2, 2009

කලු ගල් පවා...


කලු ගල් පවා
මටසිලුටු වෙන්නැති
ඔබේ කරුණා ගුණය දැක
බුදු පියාණනී

ජායාරූපය - සංඛපාල රජමහා විහාරය

Monday, November 23, 2009

සුන්දර අනුරපුර...

අනුරාධපුර වැඩිහිටිකන්ද [වැඩසිටිකන්ද] මගේ කැමරාකාචයට හමුවූ මොහොතක්.මේ ජායාරූපයේ විශේෂත්වයක් තියනවා.මම මේ ජායාරූපය ගත්තේ අනුරාධපුර පළුගස්වැව ප්‍රදේශයේ ''යකාවැටුනුවැව'' නම් වැව මැද්දේ ඉදන්.පහුගිය කාලේ දැඩි නියගයට මුහුනදී වැව සම්පූර්නයෙන්ම හිදිලා තිබුනේ.....

Thursday, November 5, 2009

බුදු සරණයි !...

ලොවුතුරා අමාමෑනී සම්මා සම්බුදුරජානන්වහන්සේ උදෙසා පුජාකරන ලද මේ මල්,පහන්,සුවද දුම් පූජාව දකිත්දී හිත හුගාක් නිවෙනවා.ඒක නිසාම මගේ කැමරා කාචයේ ඒ සුන්දර ජායාරූපය සටහන් උනා.ලොවුතුරා අමාමෑනී සම්මා සම්බුදුරජානන්වහන්සේ උදෙසා පුජාකරන ලද මේ මල්,පහන්,සුවද දුම් පූජාව පූජාම වේවා !