Tuesday, November 30, 2010

මේ ජිවිතේ සුන්දරම යාමයයි...

මේ ජිවිතේ සුන්දරම යාමයයි..
මල් සුවද ලග බඹර බඹරිදු සරන කාලයයි
පාටගෙන සරසවන සොදුරුවූ නිමේෂය
නිම වන්න පෙර කියමි මම
හූගාක් ආදරේ වග
ලෝකයක් තරමට...

Thursday, November 25, 2010

නුඹ මගේ ප්‍රාණයයි මගෙ දෝණියේ...

ජිවිතේ මල් සමය පරිස්සමින් යන්න පුංචි දෝණියේ
නුඹේ ඔය සිනා කෙලි කවටකම් හෙටත් අයිතියි දෝණියේ
යනෙන මට කටු ඉඹුල් මර උගුල් ඇති මගේ දෝණියේ
ඒවාට අසුනොවී යන්න මගෙ දෝණියේ
මොකද...
නුඹ මගේ ප්‍රාණයයි මගෙ දෝණියේ...

Thursday, November 11, 2010

අපේ සංස්කෘතියෙන්...

අපේ රට සංස්කෘතියෙන් බොහොම අග තැම්පත් රටක්.මේ ගරා යක් සන්නිය හෙවත් ගරායක් නැටුම මගේ කැමරා කාචයට අසුවූයේ ගමට සෙත්පතා කරන ලද ශාන්තිකර්මයකදී..

නුඹ සමග ළගට වී...

තනිකමත් පාලුවත්
හදවතට ලං කරන්
එදා මං පිපී උන්
මල්ගොමුවේ අද
නුඹ සමග ළගට වී
පීපී උන්නා තුටින්.

Sunday, September 19, 2010

පිපී විකසිත උනා සේ...

එකම මල් ගොමුවේ
නුඹ සමග එකම තැන
පිපෙන්නට පෑතූ පාරමී
ඉටු උනා
සතුට උතුරා...
පිපී විකසිත උනා සේ
හෙටත් පරවයන්නට
ඔබ සමගම
පමනයි මා පතන
එකම පැතුම...

Tuesday, September 7, 2010

දුරින් සිටියත් එමි සොයා මම...

දෙනෙත් පුපුරා කදුලු ගැලුවත්
කමක් නැහැ මට
හුස්ම නැවතී මලත් කම්නැත
පතන්නේ ඔබම පමනයි මම
දුරින් සිටියත්
එමි සොයා මම
ඔබම පමනක්...

Sunday, September 5, 2010

කවදත් වෙනස් නොවන අපේ දේ...

මේ අපේ සංස්කෘතියයි.ගරා යක් සන්නිය හෙවත් ගරායක් නැටුම කොළඹට නුදුරු අපේ ගම් ප්‍රදේශයේ වුවත් දක්නට ලැබීම බොහොම හොද දෙයක්.එවන් අවස්තාවක් මගේ කැමරා කාචයට හමුවූ අවස්තාවක් මේ.

Wednesday, August 4, 2010

මගේ පුංචි රෝස මලේ...

හිත් මඩළ සනසවා
නෙත් මඩළ සරසවා
නුඹ පිපී උන්නා
මගේ මල් ගොමුවේ
සුවද මට දී
ආදරයේ නාමයෙන්...

Thursday, July 29, 2010

නුඹ සිටියා මා අසලින්ම...

දිවිගමන එලිය දී
සනසවා සිත් මඩළ
එකලු කර මගේ ලොවම
සිටියේ නුඹයි...
අදුර දුරුකර
මා අසලින්ම...

Sunday, July 4, 2010

නුඹත් බැස යන්න තව මොහොතයි...

හිරු අවරින් සැගවයන
මේ නිශා යාමයේ
නුඹත් මාත්
එදා මුලින්ම හමුවූ
මේ වෙරළ තිර්යේදීම
අද ආයෙත් හමුවෙලා
වෙන්ව යන්නට
අපි අපෙන්...
අදුර දී හිරු අහසින්
බැසගියා වාගේම
නුඹත්
බැස යන්න තව මොහොතයි
මගේ ජීවිත අහසින්...
...
ජායාරූපය - දෙවුන්දර වෙරළේදී

Wednesday, May 12, 2010

එකපෙලට රටාවක් වී...

එකපෙලට
රටාවට විහිදි
නෙත් සිත් සැනසූ
නුඹ වගේමයි
මගේ ජීවිතේටත්
රටාවක් වී
හැඩකල ඈ...

ජයාරූපය - විහාරමහාදේවී උයනේදී

Tuesday, May 11, 2010

නුඹ පිපුනු තැන වැඩියෙන්ම ලස්සනයි...

මල් පිපෙන විල්තෙරේ
නේක මල් පිපුනාට
නුඹ පිපුනු තැන
වැඩියෙන්ම ලස්සනයි
ඇත්තමයි
මගේ හිත නතර උන...

Monday, May 10, 2010

අලෝක දහරා...

නුඹේ ඇස්
මගේ ඇස්
එක්ව
එක තැනක හිද
නේක ආලෝක මැද දුටු
නපුරු අලෝක දහරා
අපි වටා කැරකුනා...

Thursday, May 6, 2010

පුංචි රෝස කුමරියනි...

පුංචිම පුංචි ලෝකයක
දෙනෙත් අග රසදුනක් වී
පිපෙන්නට හැකිනම් හෙටත්
පුංචි රෝස කුමරියනි...

Wednesday, April 28, 2010

ඈත දුර ඉසව්වේ...

ඈත දුර ඉසව්වේ
පෙනෙන නොපෙනෙන මානයේ
නෙත් කෙවෙනි යට
සතුට රන්දන
හෙට දවස
බලාපන් අර
ඈත පෙනෙනා ඉසව්වේ...

Sunday, April 25, 2010

මගේ පුංචි රෝස මලේ...

නෙත් අසල රැදි රසදුනයි නුඹ
විඩාබර සිත සෙනෙහසින් සනසනා
ආදරෙයි සෑමදා නුඹට මම
මගේ පුංචි රෝස කුමරී.....

Monday, April 5, 2010

නිල් මහනෙල් කුමරුනේ...

මියෙනතෙක්
සෑමදා මා
ඔබ ලගම
ඔබ සෙවන යට
හිදිමි අදමෙන්
මගේ
නිල් මහනෙල් කුමරුනේ...

Sunday, April 4, 2010

කටරොඩු කුමාරී...

තනිව හුදකලා පවනේ
සැලි සැලී නුඹ මගේ සෙවනේ
සිටී හැටි මතකයි එදා
මගේ කටරොඩු කුමාරී...

Tuesday, March 30, 2010

යනෙනෙ මග යා යුතුයි...

යනෙනෙ මග
වෙනස් බව
සැබෑමයි...
නමුදු මේ ජිවන ගමන
නුඹ මෙන්ම මාද
යා යුතුයි
බොහෝ දුර
එක්ව ඇරඹූ
මෙතැන් සිට...

ජායාරූපය-අවුරුදු ගානකට පස්සෙ පාසලේදී මිත්‍රයන් හමුවූ මොහොතක

Thursday, March 25, 2010

මම තරහ නැහැ...

මම තරහ නැහැ...
නුඹ මට
කොයිතරම්
කදුලු දුන්නත්
මම
නුඹත් එක්ක
තරහ නැහැ
ඇත්තමයි
මම තරහ නැහැ...

ජායාරූපය- මගේ ඇස්වලින් ගැලූ කදුලු...

Tuesday, March 23, 2010

උඩවැඩියා කුමරි...

අතු අගේ පිපි උන්
අහිංසක සමනල්ලු
සැරි සැරූ
උඩවැඩියා කුමාරිය
ආදරේ හිතෙනවා
පන නැතත් දුටුවාම
නුඹේ ඔය ලස්සනට...

ජායාරූපය-උඩවැඩියා මල් ගොමුවේ

Monday, March 22, 2010

මේ සසර ගමන් සරන තුරා...

මේ අපේ කතරගම ගමනේ තවත් එක් මතකයක්.කතරගම ගිහින් එන මාර්ගයේ එක් තැනක විහාරයක් මගින් පවත්වන බෙලි මල් දන්සලක් ලග අපි නතර උනා.ඒ ප්‍රදේශයේ ගම් වැසියො එකතුවෙලා මෙහෙම සැදැහැවතුන්ට දන්සලක් සංවිධානය කරලා ලොකු සමාජමෙහෙවරක් කරනවා.මුලු කතරගම් වාරය පුරාම දිනපතා මෙම ස්තානයේ බෙලිමල් මුට්ටි උනු වෙනවා.ඒ මිනිස්සු ස්වෙච්චාවෙන වගේම හුගක් සතුටින් මේ කටයුත්ත කරන්නේ.මේ එතන හිටපු තාත්තා කෙනෙක් හැමෝමත් එක්ක හුගක් ආදරෙන් කතාකරපු.ඉතින් ඒ මතකය මගේ කැමරාවේ සටහන් උනේ මෙහෙමයි.

Sunday, March 21, 2010

සදකඩ පහනක කැටයම් ඔපලා.....

සදකඩ පහනක කැටයම් ඔපලා.....

ජායාරූපය-කන්දේ විහාරය

Wednesday, March 10, 2010

තනිව මා මේ වැව් තෙරේ...

විසල් අහස වසා
අතුපතර සැරූ
විහග කැළ
අද යන්න ගොසින්
තනිව මා මේ වැව් තෙරේ
මියෙමි ඔබ නමින්...

ජයාරූපය-චන්ද්‍රිකා වැව් තෙරේ

Monday, March 8, 2010

නිවුනා හදමඩල...

දුටුව කල
ඔබේ රුව
නිවුනා
සැලෙන හදමඩල
බුදු පියාණනී...

ජයාරූපය - කන්දේ විහාරය

Sunday, March 7, 2010

යාපනේ තල් කොලෙත් ලස්සනයි...

යාපනේ
තල් කොලෙත්
ලස්සනයි
මම දැකපු
තංගමනී වගේම

Wednesday, March 3, 2010

නුඹත් දන්නැතුව ඇති...

දසත මහා සුළන්කෝඩ හැමූවද
නේක බාධා අවුදින්
ලොවම නපුරු වුවද
සෑමදා නුඹේ අහසේ
තනිමකන්නට
මම නුඹ ළගම වග
නුඹත් දන්නැතුව ඇති

Monday, March 1, 2010

තනිකම තුරුල් කරන්...

කටාර වූ මහ පොලොවේ
තනිකම තුරුල් කරන්
මම බලන් ඉන්නවා
වඩිනතුරු ඔබ අතින්
බුදු පුදට බැති සිතින්...

ජායාරූපය - සංඛපාල රාජමහා විහාරය

Sunday, February 28, 2010

පැමින ඇත සැදෑ හිරුකිරණ ජිවන ගමනට...

ජීවිතේ සැදෑ සමය ගෙවන මේ තාත්තා මගේ කැමරා ඇසට අසුවුනේ අහම්බෙන් ජනේලයක් ලගට ගියාම.තමන්ගෙ පුතාගෙ ගෙදර ඉන්න මේ වයස්ගත පියා තමන්ගෙ වයස් ගතවීම ගැන පසුතැවිලි වෙන්නේ නැහැ.නිතරම වත්තේ වැඩකටයුතු කරමින් කාලේ ගතකරන්නේ සතුටින්.එක අතකට අත පය හතර පන තියන හැබැයි කොන්දක් නැති අද කාලේ සමහර තරුණයෝ එක්ක ගත්තම මේ පියා කොයිතරම්නම් ඉදිරියෙන්ද.

''දිවි ගමනේ සතුට දුක තුරුල්කරන්
මෙතෙක් කල්
නේක දුර ගෙවා දමා
පැමින ඇත සැදෑ හිරුකිරණ ජිවන ගමනට
නමුදු මම අද වුවද
පෙර සේම
දනිමි වියයුතු යුතුකම්
හුස්ම පොද යන තුරුම.......''

Thursday, February 25, 2010

එකම රාමුවක...

මේ උඩවලව ජාතික වනෞදානයේ සීමාව අවසානයේ මාර්ගය අයිනටම ඇවිත් ඉන්න සද්දන්තයෙක් ඊට මෙහායින් ඉන්නේ අපිත් එක්ක කතරගම ගමනට සහභාගිවෙච්ච පුංචි මල් කැකුලක්.කෙල්ල එදාමයි මට හමුවුනේ මට එක දවසට හුගක් සමීප වුනා.කෙල්ල හරියට ෆොටෝජෙනික්.මට අහම්බෙන් එකම රාමුවකට ජායාරූප ගතකරගන්න පුලුවන් වුනා

Monday, February 22, 2010

අහිංසකයෙකුට ජීවිතේ ආයෙමත්...

නියගයෙන් ඉරි තැලුනු
වැහි පොදත් තරහා වුනු
වෙනදාට මල් පිපිණු
මින් කැලත් මියැදුනු
මේ විසල් වැව් තෙරේ
අසරණව පණ අදින
අවසාන හුස්ම පොද හෙලන
අහිංසකයෙකුට
ජීවිතේ දුන්නා නුඹ ආයෙමත්...

ජායාරූපය - වෙනදාට උතුරායන අද පතුලටම දිය හිදුනු යෝධ වැව මැද
ජීවිතේ හොයන පුංචි මාලු පැටියෙකුට ජීවය දුන්
මගේ මිත්‍රයෙක් මගේ කැමරා කාචයට හසුවූ මොහොතක්.

Sunday, February 21, 2010

ලක් දෙරණ පින් ලබපු දේශයයි...

ලක් දෙරණ පින් ලබපු දේශයයි
නිමල බුදු දහම ලද දීපයයි
අප නමට ජාතියේ උරුමයයි
රැකගනිමු මේ අපේ පින් බිමයි....

ජායාරූපය - කතරගම කිරි වෙහෙර

Sunday, February 14, 2010

වියුනු රටා මැද...

වියුනු රටා මැද
ලස්සනට පෙනුනාට
මැද හැංගිලා ඉන්න
මරුවා පොර බදිනවා
බඩ ගින්නත් එක්ක
ඒක ලෝක ස්භාවය

Thursday, February 11, 2010

වෙර වීරිය අරන් ඉහලටම...

ආමාරුයි තමයි
නගින්නට ඉහලටම
ජීවිතේත් ඒ වගේමයි
එත්...
කොහොම හරි
වෙර වීරිය අරන්
පලයන් ඉහලටම
එතකොටයි උඹ දිනුම්

ජායාරූපය-සංඛපාල රජ මහා විහාරය

Tuesday, February 9, 2010

නුඹ එක්ක පියමනින දින...

යනෙන මග දස අතම
අනන්තය සිසාරා
සෙව්වේ මා නුඹේ රුව...
නුඹ සිටියේ මා සිතේ
ඇසිපිය හෙලන
ඇසිල්ලෙන් මතුවි...
මේ මගේ නුඹ එක්ක
පියමනින දින එනතුරුම
මා බලා සිටිමි ආදරෙන්...

ජායාරූපය-සෙල්ල කතරගම මාර්ගය

Monday, February 8, 2010

ජීවිතේට දකින්න නොලැබෙන දර්ශනයක්...

Tuesday, February 2, 2010

මගේ පුංචිගේ පුන්චි කෙල්ල...

මගේ ලග දැවටෙමින්
බොලද බස් දොඩවමින්
කෙලි කවට සිනා මල්
හදවතට ආදරෙන්
දුන් නුඹට මං
හුගාක් ආදරෙයි....

ජායාරූපය - මගේ පුංචිගේ පුන්චි කෙල්ල

Sunday, January 31, 2010

බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති...

''බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ''

ජායාරූපය - කන්දේ විහාරයේදි.....

Thursday, January 21, 2010

නුඹේ තනියට...

මම විතරමයි
නුඹේ තනියට
නුඹේ ලෝකෙට
පොඩ්ඩක්වත්
එලිය වෙන්නට
ලගින් ඉන්නේ
හැමදාම
නොවෙනස්ව....

Tuesday, January 19, 2010

සොබා දහම පුදුමාකාරයි...

සොබා දහම පුදුමාකාරයි.ගස් කොළන්,ඇළ දොළ,සතා සිව්පාවා පවා නිර්මාණය වෙලා තියෙන්නේ පුදුමාකාර විදිහකට.මේ ගහ සම්පුර්ණයෙන්ම ජලයෙන් පිරුනු වැවක් මැදයි තිබුනේ.වැව හිදිලා නිසා හොදින් පේනවා.වැව ජලයත් සමග ගහේ කද කොයිතරම් පොරබදිනවද කියලා හිතලා බලන්න වෙලා තියන දෙයින්.

Tuesday, January 12, 2010

හිතට අමුත්තක් දැනුනු වෙලාවට...

හිතට අමුත්තක් දැනුනු බොහෝ වෙලාවට මම යන්නේ අපේ ගමේ පන්සලට.මට කෑ ගහලා අඩන්න ඕනේ උනොත් මම යන්නේ පංසලට.මගේ හිතේ තිබුනු ප්‍රශ්න,හිතේ තිබ්බ දුක, මගේ ඇසින් වැටුනු කදුලු බින්දු කොයිතරම්ද කියලා කියන්න පුලුවන්නම් මේ ශාන්ත පරිසරය ඒ ගැන කෑගහලා කියයි.....

Thursday, January 7, 2010

සුන්දරත්වය අසීමිතයි...

වෙනස්,කාලාත්මක කෝණයකින් ජායාරූපයක් ගනිත්දී කොයිතරම්නම් කලාත්මක වෙනවද.
මේ මොකද්ද කියලා එක් වරම සිතාගන්නත් අපහසුයි මේ බීලා ඉතුරු උන තේ වීදුරුවක් උඩින් දැක්ක කලාත්මක දර්ශනයක්.

Wednesday, January 6, 2010

පුංචි සුන්දරී...

පුංචි සුන්දරී
පිපිලා නුඹ
මගේ හද
ගොමුවේ
විකසිත කර
ආදර හිත්මල
ජීවිතේ පුරා...

Tuesday, January 5, 2010

නුඹ දුරක යන්න ගිහින්...

නුඹ දුරක යන්න ගිහින්
නුඹ ගිය මග දිගේ
මම එනවා
නුඹවම හොයාගෙන
ඒ මම නුඹට
හුගාක් ආදරේ හින්දා

Monday, January 4, 2010

මරණය සුන්දරයි...

වෙලාවකට
ජීවිතේ දුක
වෙලාවකට
ජීවිතේට සතුට
හැමදේකටම වඩා
සිතෙනවා මට
සුන්දරයි මරණය