Monday, November 30, 2009

මල් වෙඩි වගේ...

මල් වෙඩි වගේ
සමහරුන්ගේ ජීවිතත්
ලස්සනට
සද්දේ දාගෙන ගොහින්
ඩොං ගාලා පුපුරන..

Thursday, November 26, 2009

තනිකම මකන්නට...

හුදකලා අහසේ තනිවී
සුලඟ සමඟ සටන්කර
හිදිමි හැමදාම
විසල්මහා පොලොවට
බරක් උනත්
හුදකලා අහසේ
තනිකම මකන්නට...
ජායාරූපය - අනුරාධපුර හබරන ප්‍රදේශයේදී

Wednesday, November 25, 2009

ඔබ ඔහේ මම ඔහේ...

ඔබ ඔහේ මම ඔහේ
අපි අපේම නොවූ
මඟදෙකක
ඔබ ලගින්ම ඉද
යම් දිනක
අපේම වූ
එක මඟක යමු එක්වී.....

Tuesday, November 24, 2009

පැමිනියද සැදෑ හිරු කිරණ දිවියට...

ජීවිතේ සැදෑ සමය ගෙවන මේ තාත්තා මගේ කැමරා ඇසට අසුවුනේ අහම්බෙන් ජනේලයක් ලගට ගියාම.තමන්ගෙ පුතාගෙ ගෙදර ඉන්න මේ වයස්ගත පියා තමන්ගෙ වයස් ගතවීම ගැන පසුතැවිලි වෙන්නේ නැහැ.නිතරම වත්තේ වැඩකටයුතු කරමින් කාලේ ගතකරන්නේ සතුටින්.එක අතකට අත පය හතර පන තියන හැබැයි කොන්දක් නැති අද කාලේ සමහර තරුණයෝ එක්ක ගත්තම මේ පියා කොයිතරම්නම් ඉදිරියෙන්ද.
''දිවි ගමනේ සතුට දුක තුරුල්කරන්
මෙතෙක් කල්
නේක දුර ගෙවා දමා
පැමින ඇත සැදෑ හිරුකිරණ ජිවන ගමනට
නමුදු මම අද වුවද
පෙර සේම
දනිමි වියයුතු යුතුකම්
හුස්ම පොද යන තුරුම.......''

Monday, November 23, 2009

සුන්දර අනුරපුර...

අනුරාධපුර වැඩිහිටිකන්ද [වැඩසිටිකන්ද] මගේ කැමරාකාචයට හමුවූ මොහොතක්.මේ ජායාරූපයේ විශේෂත්වයක් තියනවා.මම මේ ජායාරූපය ගත්තේ අනුරාධපුර පළුගස්වැව ප්‍රදේශයේ ''යකාවැටුනුවැව'' නම් වැව මැද්දේ ඉදන්.පහුගිය කාලේ දැඩි නියගයට මුහුනදී වැව සම්පූර්නයෙන්ම හිදිලා තිබුනේ.....

Sunday, November 22, 2009

හෙට ආයේමත් තල් මල් පිපේවී...

අලුතෙන් පිබිදුනු රටක හෙට ආයේමත් බයක් නැතිව ආඩම්බරයෙන් තල් මල් පිපේවී.වෙඩි උන්ඩ,මෝටාර් පහස ලද තල් සෙවනේ හෙට පොඩි එවුන් සෙල්ලම් කරාවී.වෙනස එයයි. ජායාරූපය පදවිය ප්‍රදේශයේදී.

Friday, November 20, 2009

ගොහොරු මඩේ නේක බාධා මැද ...

ගොහොරු මඩේ නේක බාධා මැද වුවද හිදිමි ඔබ තුරුලේම සෙනෙහසින් දැවටෙමින්
ඔබේම වී සදාකල්......
නපුරු වූවද මේ විසල් වැව් තෙරම නොයමි කිසි දිනක හැරදමා
සිසිල ලැබු ඔබේ සෙවන......
ඔබ සමඟ සුපිපුනා සේමයම් දිනක පරවෙමි
ඔබ සෙවනේම ඔබ සමඟම......

Thursday, November 19, 2009

දසත මහා සුළන්කෝඩ හැමූවද...

දසත මහා සුළන්කෝඩ හැමූවද නේක බාධා අවුදින්ලොවම නපුරු වුවද සෑමදා නුඹේ අහසේ තනිමකන්නට මම නුඹ ළගම වග නුඹත් දන්නැතුව ඇති.එක යායට තියෙන වගා බිමක් මැද තනිවුන මේ විසල් වෘක්ශය මේ සුන්දර දසුන මගේ ඇස ගැටුනේ අනුරාධපුර හබරන ප්‍රදේශයේදීයි.

Wednesday, November 18, 2009

වසන්තයක කෙලවර...

වසන්තයක කෙලවර කොයිතරම්නම් කටුකද. අතුපතර විහිදා අහස් කුස සැරූ මහා විසල් වෘක්ෂය අද සියොතුන්වත් නොයෙන කෙඩෑරිව තනිවු මළානික දිනෙන් දින මිය ඇදෙන මේ දර්ශනය උඩවලව ජාතික වනෞද්යානයේදීයී...

Tuesday, November 10, 2009

වේදනාවේ තනිවුනු අහස...

හිතට ලොකු වේදනාවක් දැනුනු වෙලාවක මුලු පරිසරයම ඒ වේදනාවත් එක්ක බැදීමක් තියනවා කියල මට හිතෙනවා.ලොකු දුකකින් හිටපු හවස්වරුවක කාමරේ ජනේලෙන් අහසදිහා බැලුවම ඒ අහසෙත් ලොකු වේදනාවක් මම දැක්කා.සමහරවිට ඒ වේදනාවේ අහස මට විතරක්ම වෙන්නැති.

Thursday, November 5, 2009

හුදකලාවේ තනිවී...

තනිකම කියන්නේ හුගාක් වේදනාත්මක දෙයක්.නමුත් ඒ වේදනාව මැද උනත් සුපිපෙන සුන්දරත්වය මොන තරම්ද. මුලු මල් ගහටම තිබුනු එකම මල මේක.ලොකුවට පෙනුනට බොහොම පුංචි මලක් නමනම් දන්නේ නැහැ.සුන්දරත්වය විදින්න නම මොකටද.

බුදු සරණයි !...

ලොවුතුරා අමාමෑනී සම්මා සම්බුදුරජානන්වහන්සේ උදෙසා පුජාකරන ලද මේ මල්,පහන්,සුවද දුම් පූජාව දකිත්දී හිත හුගාක් නිවෙනවා.ඒක නිසාම මගේ කැමරා කාචයේ ඒ සුන්දර ජායාරූපය සටහන් උනා.ලොවුතුරා අමාමෑනී සම්මා සම්බුදුරජානන්වහන්සේ උදෙසා පුජාකරන ලද මේ මල්,පහන්,සුවද දුම් පූජාව පූජාම වේවා !