මල් සුවද ලග බඹර බඹරිදු සරන කාලයයි
පාටගෙන සරසවන සොදුරුවූ නිමේෂය
නිම වන්න පෙර කියමි මම
හූගාක් ආදරේ වග
ලෝකයක් තරමට...
මේ අපේ කතරගම ගමනේ තවත් එක් මතකයක්.කතරගම ගිහින් එන මාර්ගයේ එක් තැනක විහාරයක් මගින් පවත්වන බෙලි මල් දන්සලක් ලග අපි නතර උනා.ඒ ප්රදේශයේ ගම් වැසියො එකතුවෙලා මෙහෙම සැදැහැවතුන්ට දන්සලක් සංවිධානය කරලා ලොකු සමාජමෙහෙවරක් කරනවා.මුලු කතරගම් වාරය පුරාම දිනපතා මෙම ස්තානයේ බෙලිමල් මුට්ටි උනු වෙනවා.ඒ මිනිස්සු ස්වෙච්චාවෙන වගේම හුගක් සතුටින් මේ කටයුත්ත කරන්නේ.මේ එතන හිටපු තාත්තා කෙනෙක් හැමෝමත් එක්ක හුගක් ආදරෙන් කතාකරපු.ඉතින් ඒ මතකය මගේ කැමරාවේ සටහන් උනේ මෙහෙමයි.
ජීවිතේ සැදෑ සමය ගෙවන මේ තාත්තා මගේ කැමරා ඇසට අසුවුනේ අහම්බෙන් ජනේලයක් ලගට ගියාම.තමන්ගෙ පුතාගෙ ගෙදර ඉන්න මේ වයස්ගත පියා තමන්ගෙ වයස් ගතවීම ගැන පසුතැවිලි වෙන්නේ නැහැ.නිතරම වත්තේ වැඩකටයුතු කරමින් කාලේ ගතකරන්නේ සතුටින්.එක අතකට අත පය හතර පන තියන හැබැයි කොන්දක් නැති අද කාලේ සමහර තරුණයෝ එක්ක ගත්තම මේ පියා කොයිතරම්නම් ඉදිරියෙන්ද.
නියගයෙන් ඉරි තැලුනු