Friday, January 28, 2011

පුතේ නුඹටත් මටත් මේ පොළොව අයිති මෙන්...

පුතේ නුඹටත් මටත් මේ පොළොව අයිති මෙන්
අයිතියි උන්ටත් මේ පොළොව
සැරිසරනට මේ අහස
ජීවත්වන්නට මේ පොළොවමත
අපිට මෙන් බඩගින්න අයිතියි උන්ටත්
පණනලක් රැකගන්න නුඹ දුන්න කෑම බිද
රහ වැටි මුලු රැලට
ඇවිත් දැන් නුඹ ලගට
බඩගින්නේ රග දන්න...

Monday, January 10, 2011

කවුරුවතම විශ්වාස නොකරන තරම් ඔයා ලගින්ම...

මන් දන්නවා මට දැන් අයිතියක් නැහැ ඔයා ලගින්ම ඉන්න...
ඒත් මම තවත් දෙයක් හොදටම දන්නවා
ඒ මට ඔයා නැතුවම බැරිවග
කමක් නැහැ
ඔයා මට ආදරේ කලත් නැතත්
මම හැමදාම ඔයා ලගින්ම ඉන්නබව මතකතියා ගන්න...
හැමදාම...
කවුරුවතම විශ්වාස නොකරන තරම්
ඔයා ලගින්ම....

ජීවිතේ දුක් බරම කටුක කල නිමාවිය...

ජීවිතේ දුක් බරම
කටුක කල නිමාවිය
වසන්තය උදාවිය
සනසවා සිත් මඩල
ඉරිතැලූ සිත් ඉමට
නැවුම් සුවදක්ව
නුඹ පිපී සැරසුවා
මගේ මුලු ලෝකයම...

Tuesday, November 30, 2010

මේ ජිවිතේ සුන්දරම යාමයයි...

මේ ජිවිතේ සුන්දරම යාමයයි..
මල් සුවද ලග බඹර බඹරිදු සරන කාලයයි
පාටගෙන සරසවන සොදුරුවූ නිමේෂය
නිම වන්න පෙර කියමි මම
හූගාක් ආදරේ වග
ලෝකයක් තරමට...

Thursday, November 25, 2010

නුඹ මගේ ප්‍රාණයයි මගෙ දෝණියේ...

ජිවිතේ මල් සමය පරිස්සමින් යන්න පුංචි දෝණියේ
නුඹේ ඔය සිනා කෙලි කවටකම් හෙටත් අයිතියි දෝණියේ
යනෙන මට කටු ඉඹුල් මර උගුල් ඇති මගේ දෝණියේ
ඒවාට අසුනොවී යන්න මගෙ දෝණියේ
මොකද...
නුඹ මගේ ප්‍රාණයයි මගෙ දෝණියේ...

Thursday, November 11, 2010

අපේ සංස්කෘතියෙන්...

අපේ රට සංස්කෘතියෙන් බොහොම අග තැම්පත් රටක්.මේ ගරා යක් සන්නිය හෙවත් ගරායක් නැටුම මගේ කැමරා කාචයට අසුවූයේ ගමට සෙත්පතා කරන ලද ශාන්තිකර්මයකදී..

නුඹ සමග ළගට වී...

තනිකමත් පාලුවත්
හදවතට ලං කරන්
එදා මං පිපී උන්
මල්ගොමුවේ අද
නුඹ සමග ළගට වී
පීපී උන්නා තුටින්.

Sunday, September 19, 2010

පිපී විකසිත උනා සේ...

එකම මල් ගොමුවේ
නුඹ සමග එකම තැන
පිපෙන්නට පෑතූ පාරමී
ඉටු උනා
සතුට උතුරා...
පිපී විකසිත උනා සේ
හෙටත් පරවයන්නට
ඔබ සමගම
පමනයි මා පතන
එකම පැතුම...

Tuesday, September 7, 2010

දුරින් සිටියත් එමි සොයා මම...

දෙනෙත් පුපුරා කදුලු ගැලුවත්
කමක් නැහැ මට
හුස්ම නැවතී මලත් කම්නැත
පතන්නේ ඔබම පමනයි මම
දුරින් සිටියත්
එමි සොයා මම
ඔබම පමනක්...

Sunday, September 5, 2010

කවදත් වෙනස් නොවන අපේ දේ...

මේ අපේ සංස්කෘතියයි.ගරා යක් සන්නිය හෙවත් ගරායක් නැටුම කොළඹට නුදුරු අපේ ගම් ප්‍රදේශයේ වුවත් දක්නට ලැබීම බොහොම හොද දෙයක්.එවන් අවස්තාවක් මගේ කැමරා කාචයට හමුවූ අවස්තාවක් මේ.