- Homemain page
- Aboutthe author
- Contact ussay hello
- Subscribe to RSSkeep updated!
Monday, March 1, 2010
Sunday, February 28, 2010
පැමින ඇත සැදෑ හිරුකිරණ ජිවන ගමනට...
ජීවිතේ සැදෑ සමය ගෙවන මේ තාත්තා මගේ කැමරා ඇසට අසුවුනේ අහම්බෙන් ජනේලයක් ලගට ගියාම.තමන්ගෙ පුතාගෙ ගෙදර ඉන්න මේ වයස්ගත පියා තමන්ගෙ වයස් ගතවීම ගැන පසුතැවිලි වෙන්නේ නැහැ.නිතරම වත්තේ වැඩකටයුතු කරමින් කාලේ ගතකරන්නේ සතුටින්.එක අතකට අත පය හතර පන තියන හැබැයි කොන්දක් නැති අද කාලේ සමහර තරුණයෝ එක්ක ගත්තම මේ පියා කොයිතරම්නම් ඉදිරියෙන්ද.''දිවි ගමනේ සතුට දුක තුරුල්කරන්
මෙතෙක් කල්
නේක දුර ගෙවා දමා
පැමින ඇත සැදෑ හිරුකිරණ ජිවන ගමනට
නමුදු මම අද වුවද
පෙර සේම
දනිමි වියයුතු යුතුකම්
හුස්ම පොද යන තුරුම.......''
Thursday, February 25, 2010
එකම රාමුවක...
Monday, February 22, 2010
අහිංසකයෙකුට ජීවිතේ ආයෙමත්...
නියගයෙන් ඉරි තැලුනුවැහි පොදත් තරහා වුනු
වෙනදාට මල් පිපිණු
මින් කැලත් මියැදුනු
මේ විසල් වැව් තෙරේ
අසරණව පණ අදින
අවසාන හුස්ම පොද හෙලන
අහිංසකයෙකුට
ජීවිතේ දුන්නා නුඹ ආයෙමත්...
ජායාරූපය - වෙනදාට උතුරායන අද පතුලටම දිය හිදුනු යෝධ වැව මැද
ජීවිතේ හොයන පුංචි මාලු පැටියෙකුට ජීවය දුන්
ජායාරූපය - වෙනදාට උතුරායන අද පතුලටම දිය හිදුනු යෝධ වැව මැද
ජීවිතේ හොයන පුංචි මාලු පැටියෙකුට ජීවය දුන්
මගේ මිත්රයෙක් මගේ කැමරා කාචයට හසුවූ මොහොතක්.
Sunday, February 21, 2010
Sunday, February 14, 2010
Thursday, February 11, 2010
Tuesday, February 9, 2010
නුඹ එක්ක පියමනින දින...
අනන්තය සිසාරා
සෙව්වේ මා නුඹේ රුව...
නුඹ සිටියේ මා සිතේ
නුඹ සිටියේ මා සිතේ
ඇසිපිය හෙලන
ඇසිල්ලෙන් මතුවි...
මේ මගේ නුඹ එක්ක
මේ මගේ නුඹ එක්ක
පියමනින දින එනතුරුම
මා බලා සිටිමි ආදරෙන්...
ජායාරූපය-සෙල්ල කතරගම මාර්ගය
ජායාරූපය-සෙල්ල කතරගම මාර්ගය
Monday, February 8, 2010
Tuesday, February 2, 2010
මගේ පුංචිගේ පුන්චි කෙල්ල...
බොලද බස් දොඩවමින්
කෙලි කවට සිනා මල්
හදවතට ආදරෙන්
දුන් නුඹට මං
හුගාක් ආදරෙයි....
ජායාරූපය - මගේ පුංචිගේ පුන්චි කෙල්ල







