Sunday, July 4, 2010

නුඹත් බැස යන්න තව මොහොතයි...

හිරු අවරින් සැගවයන
මේ නිශා යාමයේ
නුඹත් මාත්
එදා මුලින්ම හමුවූ
මේ වෙරළ තිර්යේදීම
අද ආයෙත් හමුවෙලා
වෙන්ව යන්නට
අපි අපෙන්...
අදුර දී හිරු අහසින්
බැසගියා වාගේම
නුඹත්
බැස යන්න තව මොහොතයි
මගේ ජීවිත අහසින්...
...
ජායාරූපය - දෙවුන්දර වෙරළේදී

8 comments:

ඉලංදාරියා said...

ලස්ස්නම ලස්සන චායාරුපයකට.....


සොදුරු පද පෙලක්...ලස්සනයි....

කොහෙද අතුරුදන් වෙලා හිටියේ..

Anonymous said...

beautiful....very much heart touching verse...
short and sweet too..
Sashi

හා පැටික්කි (MS) said...

ඇත්තටම හරිම ලස්සනයි.........

අර කිව්වත් වගේ අයිය කොහෙද අන්ත්‍රස්දාන උනේ.........????

Shadow/හේමලයා said...

ඉතාමත්ම සුන්දර පද පෙළක්....

පබලු said...

පද පෙළ ලස්සනයි.පින්තූරේ ඉතින් කොහොමත් ලස්සනයි මොකද මේ අපේ පලාතනේ.
මමත් හොය හොයා හිටියේ කොහේ අතුරුදහන් වුනාද කියලා

Anonymous said...

ආයෙ ආපු එක හොඳයි අයියෙ.... ලස්සන නිර්මානයක්

Dasun Wanaguru said...

ඉලංදාරියා @
බොහොම ස්තුතියි.පහුගිය ටිකේ හිත එක තැනක තිබුනෙ නැහැ.මං හිටියෙ ගන්ධබ්බ කාලෙක කරකියාගන්න දෙයක් නැතුව.මොන දෙයක්වත් කරගන්න හිත එක තැනක් තිබුනෙනැහැ.

Anonymous @
thanks shashi.thank u very much.

Dasun Wanaguru said...

හා පැටික්කි (MS) @
බොහොම ස්තුතියි නංගා
මම හිටපු තැනම හිටයත් හිත පොඩ්ඩක් නැවතිලයි තිබුනේ.


Shadow/හේමලයා @
බොහොම ස්තුතියි


පබලු @
බොහොම ස්තුතියි පබළු.
හොයලා බැලුවට හුගාක් ස්තුතියි.හුගක් අය මාව හොයලා තිබුනා.මොන දේ කරගන්නවත් හිත එක තැනක තිබුනේ නැහැ.බලමු ඉස්සරහට.
ආයේ පාරක් බොහොම පිං එකට ඉන්නවට.


විහඟිගෙ සිතුවිලි @
ඔව් අමාරුවෙන් හරි ආයෙත් ආවා.බොහොම ස්තුතියි නංගා.

Post a Comment