Monday, February 22, 2010

අහිංසකයෙකුට ජීවිතේ ආයෙමත්...

නියගයෙන් ඉරි තැලුනු
වැහි පොදත් තරහා වුනු
වෙනදාට මල් පිපිණු
මින් කැලත් මියැදුනු
මේ විසල් වැව් තෙරේ
අසරණව පණ අදින
අවසාන හුස්ම පොද හෙලන
අහිංසකයෙකුට
ජීවිතේ දුන්නා නුඹ ආයෙමත්...

ජායාරූපය - වෙනදාට උතුරායන අද පතුලටම දිය හිදුනු යෝධ වැව මැද
ජීවිතේ හොයන පුංචි මාලු පැටියෙකුට ජීවය දුන්
මගේ මිත්‍රයෙක් මගේ කැමරා කාචයට හසුවූ මොහොතක්.

5 comments:

Anonymous said...

ජීවිතය ඇතත්
හදවත් නැති මිනිසුන් අතර
ගැහෙනා හදවතක් ඇති මිනිසුන්
ඇති බව
අවසන් සුසුම් පොද ගිලිහිමට ප්‍රථම
හැදිනිමි ...

Buddhi said...

දසුන්, මෙ පොටෝ එකනං පටිට. හැබැයි ඔක ක්රොප් කරද්දි අර පුද්ගයා තව ටිකක් වමි පැත්තට බර උනානං ඈහැට ටිකක් ලේසියි නේද? මම හිතන්නෙ ඔබ තුමා මම කියන ඡායාරුපකරණ නීතිය දන්නවා නේද?. ඒකට යට වෙලා ඉන්න ඔන තැති අවස්තාත් තිබුනත් මම හිතන්නෙ මෙ පොටෝ එකට ඒ ලක්ෂය තිබුනනං මාරම ගති.

Dasun Wanaguru said...

wath @
බොහොම ස්තුතියි වත්.....
උඹලා අපි වගේ සුන්දර මිනිස්සු ඉන්නකම් මේ ලෝකේ ලස්සනයි

[උඹ කිව්වට ගනන් ගන්න එපා නංගා,ඔයා ජීවිතේට සමීපයි කියලා දැනුනු නිසයි එහෙම කිව්වේ]

Dasun Wanaguru said...

බුද්ධි @
ඔබ හරි කියලා මට හිතෙනවා.
මම ඒ ගැන එතරම් හිතුවෙ නැහැ.
බොහොම ස්තුතියි අදහස්වලට

සෝරෝ said...

ලස්සනයි යාලුවා...

Post a Comment