Sunday, December 27, 2009

ගොලුබෙල්ලො සුන්දරයි...

සමහරුන්ට ගොලුබෙල්ලො අප්පිරියයි
ගදපාන මල් ගදයි
ඒත්
ගදපානත්,ගොලුබෙල්ලොත් සුන්දරයි
මට
ගදපාන පොඩි කලාම සුවදයි
ගොලුබෙලි කටුව සුන්දරයි

ඕනෑම දෙයක් වෙනත් රාමුවකින් බලත්දි සුන්දරව පේනන ගන්නවා.

Friday, December 25, 2009

ලගට වී මා පාලු නිව්වේ...

නේක සිනහා කදුළු මැද්දෙත්
ලගින් සිටි අය යන්න යත්දිත්
ලගට වී මා පාලු නිව්වේ
ඔබයි මගේ සෑමදා.....

මගේ ආදරනීය කෘති එකතුව[මේ මේ පාර පොත් ප්‍රදර්ශනයෙන් ගත්ත ඒවා]

Sunday, December 20, 2009

විසල් රුක නුඹයි...

විසල් මහ පොලොව මත
නොසෙල්වී සෙවන දුන්
විසල් රුක නුඹයි.....
සැර පරුෂ හිරු කිරණ
දරාගෙන නුඹම.....

ජායාරූපය - අනුරාධපුර 'යාකාවැටුනු වැව' වැව මැද සිට

Thursday, December 17, 2009

අද සහ හෙට...

අද ඔහොම ලස්සනට බැබලුනාට
හැමෝම නුඹ දිහා සෙහෙහසින් බැලුවාට
හෙට මම වගේම නුඹත් වැහැරුනාම
කාටවත් වැඩක් නැහැ නුඹ මැරුනාම

Friday, December 11, 2009

මා සිපගන්නා තුරු...

දයාබර අහස
ඔබේ එකම එක
වැහි බින්දුවක්
පැමින
මා සිපගන්නා තුරු
මම ආදරෙන් බලා ඉන්නවා.....

Wednesday, December 9, 2009

මගේ ලොවට පිපිලා....

මගේ ලොවට පිපිලා
සුවද දෙන නෙළුමකී
ඔබ
ගිලන් වු
හිත නිවනා.....

Monday, December 7, 2009

නුඹ උපන් නුඹේ තැන් සොයා...

මේ ගමන් උතුරටයි දුවේ
නුඹ උපන් නුඹේ තැන් සොයා
නුඹට උන් නැතිකල නුඹේ බිම සොයා
ආයෙමත් නුඹටම අයිති උන නුඹේ බිම සොයා
බලාපන් ඉදිරිපස ආයෙමත් තල් මල් පිපෙන...

[යුද්ධයෙන් පස්සෙ තිරිකුණාමලයට යන දුම් රියේ තම උපන් බිම් සොයා යමින් හිටපු දෙමල දැරියක් ඇයයි මමයි හමුවූ මොහොතක්.......]

Sunday, December 6, 2009

සුසුදු සුසිනිදු...

සුසුදු
සුසිනිදු
පිරුණු
පිවිතුරු මේ
සොදුරු මල
බුදු පුදට..

Wednesday, December 2, 2009

කලු ගල් පවා...


කලු ගල් පවා
මටසිලුටු වෙන්නැති
ඔබේ කරුණා ගුණය දැක
බුදු පියාණනී

ජායාරූපය - සංඛපාල රජමහා විහාරය

Tuesday, December 1, 2009

අද වගේ හිනහියන් හෙටත්...

අද වගේ
හිනහියන් හෙටත්
නුඹ පතන
ලෝකයක
තුටු සිතින්...
ජායාරූපය - සංඛපාල රජමහා විහාරය
නිරූපනය - අහිංසක පුන්චි කෙල්ලෙක් මාර ෆොටෝජෙනික්