Sunday, December 27, 2009

ගොලුබෙල්ලො සුන්දරයි...

සමහරුන්ට ගොලුබෙල්ලො අප්පිරියයි
ගදපාන මල් ගදයි
ඒත්
ගදපානත්,ගොලුබෙල්ලොත් සුන්දරයි
මට
ගදපාන පොඩි කලාම සුවදයි
ගොලුබෙලි කටුව සුන්දරයි

ඕනෑම දෙයක් වෙනත් රාමුවකින් බලත්දි සුන්දරව පේනන ගන්නවා.

2 comments:

malee_msg said...

ගොළු බෙලි මාවතත් හරි ලස්සනයි.

Madhuranga Rathnayake said...

මේ ලෝකෙ කැතයි කියල දෙයක් නෑ... ඒත් මං හිතන්නෙ ලස්සන සාපේක්ෂයි. ලස්සන, අප්‍රියකම වගේ දේවල් හරිම පුද්ගලානුබද්ධයි. ඒක එහෙම වෙන්නත් එපැයි ඉතින්. විවිධත්වයක් නැත්නම් ඉතින් පැවැත්මක් නෑනෙ. නව මාවතකට සමාජය යොමු කරන්නෙත් යම් වෙනසකට කැමති කෙනෙක්. හරියට පරිණාමීය ක්‍රියාවලියට විකෘති ඕනා වගේ...

හැබෑටම ඇයි මේ පින්තූර වල ස්වභාවික පාට අයින් කරල මහා මලානික පාට දාල?? හරි පරාජිත හැඟීමක් එන්නෙ ඒ පාටවල් දැක්කාම...

කොහොම නමුත් ෂෝක් බ්ලොග් එකක්, සුභ පැතුම්, දිගු ගමනකට :)

Post a Comment